සාමාන්‍ය පෙළ ලියා අවසන් සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sithumi Dec 08, 2022 12:09 PM GMT
Report

 සාමාන්‍ය පෙළ ලියා අවසන් සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.එනම්,2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අද (08) දිනයේ සිට අයදුම්පත් කැඳවන බවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ලබන 20 වන දින දක්වා සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ඒ සඳහා අයදුම් කිරිමේ හැකියාව පවතී.

මේ අතර 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වන ඉරිදා දිනයේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now