තෙල් මිල යළි එකවරම පහළ බසී..නව මිල ගණන් මෙන්න..

Central Bank of Sri Lanka Fuel Price In World
By Aruna May 05, 2024 04:20 AM GMT
Report

අඛණ්ඩව ඩොලර් 90ව ආසන්නයේ පැවතුනු ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සතිය අවසන් වන විට ඩොලර් 82 ක මට්ටමට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

සති අන්තයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 82.96ක් ලෙස සටහන් වූ අතර එය මාර්තු 11 වනදායින් පසු වර්තා වූ අඩුම අගය මෙය බවයි , විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එමෙන්ම ලෝක වෙළඳ පොළේ, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 78.12 ක් ලෙසයි. ඒ අනුව එහි මිල සියයට එකකින් පමණ අඩුවී තිබෙනවා.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහල යාමේ වාසිය අප රටේ පාරිභෝගික ජනතාවට ලබා ගන්නට නම් ලබන ජුනි මාසයේ මුල තෙක් බලා සිටීමට සිදුව තිබේ.