ඔයත් ඔෆිස් යන ගෑනු ළමයෙක් නම් ඔයා ලග අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි දේවල් ටික....
තරුණියන් කිව්වාම අපිට මතක් වෙන්නේ සුන්දරත්වය, හුරුබුහුටිකම, වගේම ප්‍රියමනාප බව. සමහර තරුණියන් දැක්කමත් හිත නිවෙනවා. ඔව්, ගැහැණු ළමයි එහෙම තමා.
ඒත් සමහර තරුණියන්, කාන්තාවන් ඉන්නවා දකිනකොටත් හරි අප්පිරියයි, ලගින් ගියත් නගර සභාවේ කුණු ලොරිය ගියා වගේ. එහෙම ඕන තරම් අය කියලා තියෙනවා මට ඇහිලා තියෙනවා.
මෙහෙමයි කව්රු හරි කියනවා නම් අනේ දුප්පත් ඇති, සල්ලි නැතුව ඇති කියලා, ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. මොකද දුප්පත්කම කියන්නේ පිරිසිදුවට ඉන්න තියෙන බාධකයක් නෙමෙයි.
අනික තරුණියක් , කාන්තාවක් රැකියාවක් කරනවා නම් අඩුම ඕඩිකොලෝන් බෝතලයක් වත් ගන්න වත්කමක් නැහැ කියන්නේ ඇය තමන්ට ආදරේ කරන්නේ නැහැ කියන එක.
ඉන්පසු ඇය වයසට යන විට තරුණ ගැහැණු ළමයින්ට ඉරිසියා කිරීමටත්, ඇද හෙවීමටත් පටන් ගන්නවා. ඔයාම හිතන්න ඔයා ඒ වගේ මළ වාතයක් වෙන ඇන්ටි කෙනෙක් වෙනවද කියලා වයසට ගියාම. හරි දැන් මම කියන්නම්කො ලස්සනට, පිරිසිදුවට, සුවදට ඉන්න ගැහැණු ළමයින්ට තමන්ගේ ඔෆිස් හෑන්ඩ් බෑග් එකේ හරි ඔෆිස් එකේ හරි තියා ගත යුතු දේවල් කීපයක් ගැන.
1. Deodorant එකක්
2. පොඩි පනාවක්
3. ලෝෂන් එකක්
4. පොඩි පර්ෆියුම් එකක්
5. ලිප්ටික් එකක්
6. මවුත් වොෂ් එකක්
සමහර ගැහැණු ළමයින්ට නම් මීට අමතරව, සාමාන්‍ය makeup එකත් කරගන්න අවශ්‍ය හැමදේම තියෙන පර්ස් එකක් තියෙනවා. ඒක ඉතින් බොහොම වටින දෙයක්.
තමන් ලස්සනට ඉන්න ඕන ඇත්තටම අනුන් පිනවන්න නෙමෙයි, තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. එතකොට හැමදාම සතුටෙන් ජිවත් වන තරුණියක්, කාන්තාවක් අපට දැක බලාගන්න පුළුවන්.