සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින ගැන ඇමතිගෙන් පණිවුඩයක්.

Ministry of Education A D Susil Premajayantha Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Grade 05 Scholarship examination
By Aruna Nov 27, 2022 11:06 PM GMT
Report

2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන අප්‍රේල් මස අග හෝ මැයි මස මුල දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමුකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“දෙසැම්බර් 18 වනදා අපට සූදානම් වෙන්න තියෙනවා 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා.

සාමාන්‍ය පෙළ අප්‍රේල් අග හෝ මැයි මුල වගේ පවත්තවන්න වෙනවා. මොකද උසස්පෙළ විභාගය මාස එක හමාරක් විතර කල්දාන්න සිදුවුණ නිසා.

අපි බලාපොරොත්තු වෙනවා. 2023 තුළදී මේ සියලු විභාග පවත්වලා අපි පුළුවන් තරම් දුරට නියමිත කාලයට විභාග පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

නිල ඇඳුම් සම්බන්ධයෙන් චීනයෙන් නිල ඇඳුම් 70%ක් ලැබෙනවා. එහි පළමු තොගය දෙසැම්බර් 3වනි සතියේ ලැබෙනවා.

ලබන වසරේ මාර්තු වන විට පාසල් නිලඇඳුම් බෙදාහරිනවා. සෙස් බද්ද නිසා පොත් සහ පාසල් උපකරණ මිල ඉහළ ගිහින්. එය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරලා තියෙන්නේ. අභ්‍යාස පොත්වලට සෙස් බද්ද අඩු කරන්න පියවර ගන්නවා.”

මේ අතර සෙසු අයිතිවාසිකම්වලට හඬ නගන විශ්වවිද්‍යාල සිසුන් වසර ගණන් විශ්වවිද්‍යාලය තුළ රැඳෙමින් තවත් සිසුන්ට ඊට ප්‍රවේශවීමට ඇති ඉඩ අහුරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසර 8ක් හෝ 10ක් විශ්වවිද්‍යාලය තුළ රැඳෙන සිසුවෙක් අවම වශයෙන් තවත් සිසුන් 8 දෙනෙකුට ඇති අවස්ථාව අහිමි කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now