සාමාන්‍ය පෙළ 10 වසරෙදි..උසස් පෙළ 12 වසරෙදි පවත්වන්න තීරණයක්.. සියලු සිසුන් සමත් කරන්නත් යයි..

Ministry of Education G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Sri Lankan Schools
By Aruna Mar 09, 2024 08:02 AM GMT
Report

11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

මේ අතර, 2028 වසරෙන් පසුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කිසිදු සිසුෙවකු අසමත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර සිටිනවා.

ඒ අනුව දරුවන්ට සාමාන්‍ය පෙළින් පාසල් හැර යම අවශ්‍ය අතර ඔවුන්ගේ අධ්‍යයනය හෝ වෘත්තිය පුහුණුව සමග තවත් වසර දෙකක් පාසලේ ඉගෙනුම ලැබිය හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

විදුලි පාපැදි බෙදා දීමේ උත්සව සභාවක් අමතමිනි, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ අදටත් ඇත්තේ බි‍්‍රතාන්‍ය පාලනය යටතේ හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය බවත් බ්‍රිතාන්‍යයේ පවා අද වන විට එම විෂය මාලාවන් දක්නට නැති බවත් පැවසූ ඔහු ඒ අනුව අධ්‍යාපනය විශාල පරිවර්තන ක්‍රියාවලියකට ලක් කරන බවයි ප්‍රකාශ කර සිටියේ.

මේ අතර, කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා ප්‍රකාශ කර සිටින්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවයි.   

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා මේ බව ප්‍රකාශ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනුයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේ ඉදිරි රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන බවයි.