අනතුරු ගණනාවක් ගෙන දුන් නුවරඑළිය - රදැල්ල මාර්ගය සම්බන්ධයෙන් ගත් තීරණය..
Nuwara Eliya
Sri Lanka
By krishani
නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කර ඇත.
අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසීය.
පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) රිය අනතුරක් සිදු විය.
ඉන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර සිසුන් 41ක් ඇතුළුව 53 දෙනෙකු එම අනතුරින් තුවාල ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |