ප්‍රධාන දිස්ත්‍රික්කයක මන්ත්‍රී බංගලාව අවුරුදු මාසයටම සීතලට බුක් වුණේ මෙහෙමයි..

nuwaraeliya Sri lanka sinhala news today trending news sempathi house
By krishani Apr 13, 2022 07:03 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (general,s house ) බංගලාව සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සියලු පහසුකම් සහිත මෙම සෙන්පති නිවෙස බංගලාවේ පවතින කාමර ගණන 19කි.

මන්ත්‍රීවරයෙකුට එක් වරකදී එහි කාමර තුනක් දින තුනක කාලයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.

මේ අතර සමහර මන්ත්‍රීවරුන් මෙම බංගලාවේ කාමර සිය ඥාතීන්ට හා හිතවතුන්ට වෙන් කරවා දෙන බවට පාර්ලිමේන්තු නිලධාරීහු චෝදනා කරති.

සෙන්පති බංගලාවේ සියලු කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය (Member service) විසිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join