ඕස්ට්‍රේලියා තරඟ සංචිතයට තෝරාගත් ක්‍රීඩකයෙකු සහ කාර්යමණ්ඩල සහයකයෙකුට කොවිඩ්

covid19 SLC Dilshan Fonseka Nuwan Thushara
By Sewvandhi Jan 31, 2022 10:55 AM GMT
Report

එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නම්කර සිටි වේගපන්දු යවන්නෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් නුවන් තුෂාර නිරෝධායනයට යොමු වී ඇති අතර ඔහුට ඔස්ට්‍රේලියානු සංචාරයට එක්වීමට අවස්ථාව හිමිවීම සැකසහිත බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

 නුවන් තුෂාර මෙන්ම කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩල සාමාජික ඩිල්ශාන් ෆොන්සේකා ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 

 කණ්ඩායමේ සාමාජිකයින් සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී ඔවුන් ආසාදිත බවට හඳුනාගෙන තිබුණි. මේ වනවිට නිරෝධයනට යොමුවී ඇති අතර ඔවුන් පෙබරවාරි 10 වනදා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔස්ට්‍රේලියාව සමග 20/20 ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 03 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now