10000 දීමනාව නිසා නිල ඇඳුමත් නැතිව එන හෙදියෝ..සතියක් පුරා කරන්න යන දේ මෙන්න..

Ministry of Health Sri Lanka Murutthettuwe Ananda Thero National Health Service
By Aruna Feb 06, 2024 04:11 AM GMT
Report

අද දිනයේ තම සංගමයේ හෙද හෙදියන් නිල ඇඳුමක් නොමැතිව වෙනත් පහසු ඇඳුමකින් සේවයට වාර්තා කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කර සිටිනවා.

එක්සත් රට පුරා සියළු රෝහල්වල තමන් අභිමත ඇඳුමක් ඇඳගෙන සෙරෙප්පු දමාගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි, සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළේ.

රෝගී සත්කාර සේවා බිඳදමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් නැති බවද පැවසූ උන්වහන්සේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හරහා ජාත්‍යන්තරයට පවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන නරක අදහසක් ඇතිවනු ඇති බවයි උන්වහන්සේ වැඩි දුරටත්කියා සිටියේ.

උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ, අද දිනයේ සිට සතියක කාලයක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවත් ඒ සඳහා ප්‍රතිචාරයක් දැක්වීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකළහොත් වෘත්තිය ක්‍රියා මාර්ගය දැඩි කරන බවයි.

රජය විසින් පොරොන්දු වී චක්‍රලේක පවා නිකුත් කර ඇති රුපියල් දස දහසය දීමනාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම ක්‍රියා මාර්ග ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.