අද සිට රට පුරා සෞඛ්‍ය අංශ කරන්න යන වැඩේ මෙන්න..
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා මෙන්ම හෙද සේවා එක්බද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (07) දිනයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසකට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
මේ අතර හෙට වර්ජනය සඳහා තම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සම්බන්ධ නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.
ඇතැම් හෙද සංගම් ඉල්ලා ඇති ඉල්ලීම් හතෙන් හතරක් ලබාදී ඇති අතර ඉතිරි තුන ලබාදීම සඳහා රජයට සති තුනක් කල් දෙන බවද උන්වහන්සේ පවසයි .
එලෙස තම ඉල්ලීම් ඉටු නොකලොත් සති තුනකින් තම සංගමය ද වර්ජන ක්‍රියාමාර්ගයකට එළබෙන බව උන්වහන්සේ සඳහන් කරයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |