කොළඹ මෙවර වෙසක් දන්සැල් ගණන සහ ලියාපදංචිය ගැන විශේෂ දැනුම්දීමක්.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර සියලුම දන්සල් සංවිධායකවරුන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ,කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ දන්සල් පවත්වන්නේ නම් මැයි මස 22වන බදාදාට පෙර ලියාපදිංචි වන ලෙසයි.
ඔහු සඳහන් කරන්නේ, කොළඹ මහ නගර සභාවට හෝ කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ගොස් ලියාපදිංචි විය හැකි බවයි.
ඒ, අනුව මරදාන, නාරාහේන්පිට, වැල්ලවත්ත, බොරැල්ල , නව බසාර්, සහ ජිත්තුපිටිය යන ස්ථානයන්හි පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත හෝ කොළඹ මහ නගර සභාව වෙත පැමිණ අදාල ලියාපදිංචිය ලබා ගත හැකියි.
මහජන සෞඛය පරික්ෂකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මේ වන විට කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශය තුළ දන්සල් 25ක් ලියාපදිංචි වී ඇති අතර මෙය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් බවත්ය.
...................................................
May you Like