Covid-19 ගෝලීය හදිසි අවස්ථාව ඉවත් කෙරේ..
COVID-19
World Health Organization
By Sithumi
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, කොවිඩ් 19 පැතිරීම තවදුරටත් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි කමිටුව 15 වන වරටත් රැස් වූ අතර ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කරන ලෙස නිර්දේශ කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මාධ්‍ය හමුවකදී සදහන් කළා.
මෙම වසරේ ජනවාරි මාසයට කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්වයක් ලෙස නම්කර වසර 3ක් ගතවුණා.
2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ගෝලීය වසංගතයක් බවට පත් වූ ‘කොවිඩ් 19’ වෛරසය, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ (2020) වසරේදීයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |