Covid වසංගතයේ දරුණු තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ප්‍රකාශයක්..!
WHO
vaccination
Covid19
Delta
Omicron
By Sewvandhi
ලෝක ජනගහනයෙන් සියයට 70 ක් පමණ එන්නත්කරණය ලැබුවහොත් මේ වසරේ මැද භාගය වනවිට කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ උග්‍ර තත්ත්වය පහව යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් ප්‍රකාශ කළා.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී වාර්තාකරුවන් වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එය සියල්ලන් අත පවතින වගකීමක් මෙන්ම තේරීමක් ද වන බවයි.
ඉලක්කගත සියයට හැත්තෑවක එන්නත්කරණය ජූනි හෝ ජූලි මාස වනවිට ළඟා කර ගැනීමට අපේක්ෂා කරන අතර, එසේ වුවහොත් වසංගතයේ දරුණු තත්වය සැබවින්ම අවසන් කළ හැකිවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |