ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක් නිකුත් කරන බවයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ, එම මුදල් එළැඹෙන ජනවාරි පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවය.
ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන තමා තුළ පැහැදීමක් නැති බවත් ජනාධිපතිගේ ධුර කාලය සඳහා ඔහුට තමා ඇතුළු පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කළා.
ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් නොමැති බවත් ඔහු පවසයි.
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ අදහස් දැක්වූ උදයංග වීරතුංග මහතා සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවෙන් තරග නොවදින බවයි.
එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටනට නොඑන බව කැට තියා ප්‍රකාශ කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.