පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!එළියට යනවා නම් ඔබත් මේ ගැන සැලකිලිමත්වන්න..

Police spokesman Sri Lanka Police Latest Headlines
By Sewvandhi Aug 03, 2024 11:11 AM GMT
Report

පොලීසිය විසින්, අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මෙම විශේෂ රථ වාහන සැලැස්ම එළැඹෙන සඳුදා (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්ම කරනු බව පොලීසිය පවසයි.

ඒ අනුව එම කාලය තුළ පහත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන බව පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කෙරේ..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කෙරේ..!

මේ අතර පොලීසිය නිවේදනය කරන්නේ, අද (03) සිට ගංගාරාම විහාරස්ථානය වෙත ඇතුළු වන සියලුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ඇතුළු විය යුතු බවයි.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුළු වීම වසා තබනු ලබන අතර ජිනරතන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සිදු කරනු ලබන බවයි.

මේ අතර ආදාහන පුජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා දින රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග පහතින්,

GalleryGallery