විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්..!

Nihal Talduwa Sri Lanka Police Colombo Galle Sri Lanka Police Investigation
By Sewvandhi Dec 30, 2023 08:48 AM GMT
Report

පොලීසිය පවසන්නේ, වසරේ අවසාන දින වන හෙට (31) දින රාත්‍රියේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

අද(30) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැහැදිලි කළේය.

විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්..! | Notice From Police

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් හෙට පස්වරු 05 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි, එහිදී ඔහු පැවසුවේ.

විශේෂයෙන් ගාලුමුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.