පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..!
පොලීසිය සදහන් කරන්නේ, මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වා දෙන බවයි.
අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවයි.
කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ආනයනය කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වා...
"දැනට ශ්‍රී ලංකා පොලීසියේ, බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා උපකරණ 2018 180,000ක් ගෙනාවට පස්සේ දැන් ඒවා අවසන් වෙලා. දැන් අපි අත්අඩංගුවට ගන්නේ බීමත් රියදුරන් විතරයි.
ඉදිරියේ දී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ජාතික සභාවෙන් මිලියන 160ක් දීලා තියෙනවා පොලීසියට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |