පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!
Sri Lanka Police
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි සිදුකළ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ, ජූලි 9 වනදා සිදුවු එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්හි දී ලබාගත් වීඩියෝ සහා ඡායාරූප ඇසුරින් අදාළ පුද්ගලයින් හඳුනාගත් බවයි.
ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බැවින් ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත ඇමතුම් මගින් හෝ වට්ස්ඇප් මගින් දැනුම්දෙන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුරකථන අංක - 0112 083 049- 0756 371 563- 1997 hotline
අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



