පොලීසියට සහය දක්වන්නයි ජනතාවගෙන් ඉල්ලයි
පසුගිය මස 13 වැනි දා කොළඹ 07, මල් පාරේ පිහිටි අගමැති කාර්‍යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපොළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, එහි දී හමු වූ වීඩියෝ දර්ශන ඇසුරින් එහි සිටින පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා, පොලිසිය විසින් මහජන සහාය අපේක්ෂා කරනවා.
එම පුද්ගලයන් පිළිබඳ තොරතුරක් දන්නේ නම්, පහත අංකවලට ඒ බව දැණුම්වත් කරන ලෙස යි පොලිසිය පවසන්නේ. 071 8594924 071 859 4950 071 8594901
මේ අතර මැයි මස 09 වනදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන්ට අදාළව ඊයේ (21) දින සිදුකරන ලද මෙහෙයුම්වලින් සැකපිට පුද්ගලයින් 31ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටී.
මේ අතර ඊයේ දිනට සැකකරුවන් 06දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 858ක් බවත් සැකකරුවන් 3553ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි .
පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මැයි මස 09 වනදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන්ට අදාළව මේ වනවිට සැකකරුවන් 1255ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |