පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Police Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 22, 2022 10:58 AM GMT
Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියෙකුට ලබාදී ඇති අයිතිවාසිකම්වල සීමාවන් හැඳිනගෙන විරෝධතාවල යෙදෙන ලෙස පොලීසිය දැනුම්දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳීසිටි පිරිස් අද (22) අලුයම් කාලයේ ඉන් ඉවත් කිරීම ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් පොලිම් මාධ්‍ය කොට්ඨාසය ඒ බව සඳහන් කරයි.

තර්ජනය කරමින්, බලපෑම් කරමින් ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරීත්වය මුදා හරිමින් මහජන සාමයට බාධා හා හිරිහැර වන අයුරින් කටයුතු කළහොත් ඊට එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට සිදුවන බවද පොලීසිය අවධාරණය කරයි.

එසේම අවස්ථා ගණනාවකදී අදාළ පරිශ්‍ර තුළ රාජකාරී කළ පොලිස් නිලධාරීන්ට හිරිහැර සහ බාධා කරමින් අපහසුතාවයන්ට පත්වෙන ලෙස පරිභව කරමින් කටයුතු කර තිබූ බවද පොලීසිය වීඩියෝවක් නිකුත් කරමින් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now