මෙරට සියලු පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ දැනුවත් කිරීමක්... චීනයෙන් ආධාරත් ලැබෙන්නත් යයි..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools School Incident
By Sithumi Mar 14, 2024 01:14 PM GMT
Report

 ශ්‍රී ලංකාවේ සෑම පාසලක්ම ඉදිරියේදි ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පසුගියදා පැවසුවා.

මේ පිළිබදව අපි ඔබට තොරතුරු වාර්තා කළා. ඒ අනුව ඉදිරියේදි ආරම්භ කරන නියමු ව්‍යාවෘතිය සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සිසුන්ට දැනුම්වත් කිරීමක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ මේවන විට සිසුන් නව තාක්ෂණය සදහා තාක්ෂණය සමග ඉදිරියට යෑමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ඒ සදහා චීන සහ ඉන්දීය ආධාර ලබා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ හේතුවෙන් නව තාක්ෂණය සමග ඉදිරියට යාම සදහා සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.