මේ දිනවල පැතිර යන රෝගී තත්ත්වයක් ගැන වෛද්‍යවරුන්ගෙගෙන් දැනුම්දීමක්..! භාවිතා නොකළ යුතු ඖෂධ මෙන්න..

Cold Fever Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jun 11, 2023 03:07 PM GMT
Report

සෞඛ්‍ය අංශ විසින් මේ දිනවල ඌණ රෝගී තත්ත්වයෙන් පසුවනවානම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස උපදෙස් ලබාදෙයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, උණ රෝගී තත්ත්වයක් ඇත්නම් විවේක ගැනීම අනිවාර්ය බවය.

"ඔබට උණ නම්, කළ යුතු ප්‍රධානම දේ විවේකය. එයින් අදහස් කරන්නේ ඔබ එදිනෙදා කරන රාජකාරිවලින් ඉවත්වීම. රාජකාරියට යන කෙනෙක් නම් දින කිහිපයක් රාජකාරියෙන් ඉවත්වීම හා පාසල් යෑමෙන් දින කිහිපයක් ඉවත්වීම. දෙවැනි කාරණය තමයි පුළුවන් තරම් දියරමය ආහාර වැඩිපුර එකතුකර ගැනීම.

මේ මොහොතේ උණ කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පැරසිටිමෝල් ඖෂධය නියමිත මාත්‍රාව නියමිත අයුරින් ලබාගන්න උණ පාලනය කරන්න. ඒ හැරරෙන්න වෙනත් ඖෂධ ගන්න එපා. ඩිස්ප්‍රීන්, ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ කිසිසේත්ම මේ දවස්වල උණ පාලනය කරන්න භාවිත නොකළ යුතුයි.

ඒ හරහා ඔබට ඩෙංගු රෝගය තිබුණොත් අනවශ්‍ය සංකූලතා ඇති විය හැකියි. අවසානය වනවිට මරණය දක්වා වුවත් යන්න පුළුවන්. දෙවැනි දවසේ උණ පාලනය වුණේ නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න. සම්පූර්ණ රුධිර පරීක්ෂණයකට යන්න."