මෙරට ආදායම සහ වියදම ගැන මහ බැංකුව හෙළි කරයි.....

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Financial crisis Economy of Sri Lanka Businessman
By Gagana Mar 02, 2024 01:37 PM GMT
Report

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් ආනයන වියදම වැඩිවී ඇති බව මහ බැංකුව පවසා තිබෙනවා.

මේ සදහා කෘෂිකාර්මික සහ ඇඟලුම් අපනයන ආදායම් පහළ යෑම හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 978ක් ලෙස වූ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ එම ආදායම ඩොලර් මිලියන 971ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ආනයනය ආදායම සටහන් වූයේ මෙම වසරේ ජනවාරි මාසයේ 6.2% කින් ඉහළ යාමක් ලෙසයි.