එන්නත් මාත්‍රා තුනම ලබාගත්,Omicron ආශ්‍රිතයෙකු නම් සිදු වන දේ.
Hemantha Herath
Omicron
Guild lines
Vovid19
Dr Malkanthi Galhena
By Sewvandhi
කිසියම් පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටි නම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද, කොවිඩ් වැළඳීමේ අවදානම අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
වෛරසය ආසාදනය වුවද එවැනි පුද්ගලයන් කෙටි කලකදී සුවය ලබන බවයි පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වැදගත් බවයි ඇය අවධාරණය කළේ.
මේ අතර,දැනට පවතින COVID-19 වැළැක්වීමේ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ, ඉදිරියේදී සංශෝධනවලට යටත්ව මෙම දීර්ඝ කිරීම සිදුකළ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |