සියලූම ඉන්ධන හල්වෙත හදිසි දැනුම්දීමක්..!
Fuel Price In Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ, උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බවයි.
එම දැනුම්දීම සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත සිදුකර ඇත.
එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළයුතු බවට ය.
මේ අතර, උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අවධාරණය කරනවා.මේ බව සඳහන් කළේ, එහි සමලේකම් කපිල නාඔටුන්න මහතා විසිනි.
මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම නිසා මෙම එකඟතාවයට පැමිණි බවයි, කපිල නාඔටුන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.