දුම්රිය මාර්ගයක් තාවකාලිකව වැසේ - ජනතාවට දැනුම්දීමක්..
Bandula Gunawardane
Sri Lanka Railways
Department of Railways
Railways
Latest Headlines
By krishani
07 වෙනිදා සිට මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.
ඊයේ (05) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතරතුර යාපනය දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ඒ අනුව පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමෙන් අනතුරුව තවත් වසර පනහක් පමණ වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි.
Sponsored By Sarrita Jewellery