රසික රසිකාවියන් හඬවා රිදී තිරයේ පහන නිවීයයි - (PHOTOS)

India
By Sewvandhi Aug 03, 2023 10:40 AM GMT
Report

හින්දි සිනමාවේ බිහිවූ සුපිරි නිර්මාණ රැසක් බිහිකළ Nitin Desai නම් ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මුම්බායි හි Karjat හි පිහිටි ඔහුගේ ආයතනයේ තිබී ඔහුගේ මෘත දේහය සොයාගෙන ඇති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ Nitin Desai සියදිවි හානිකරගෙන මියගොස් ඇති බවය.

බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක් ඔහු විසින් කලා අධ්‍යක්ෂණයෙන් හැඩකර තිබෙනවා.

ඒ අතර ලෝකයම වැළඳගත් සුපිරි නිර්මාණ ලෙස Hum Dil De Chuke Sanam, Devdas, Jodha Akbar, Lagaan, Once Upon a Time in Mumbai හැඳින්විය හැකිය. ඔහු සිව් වතාවක් හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි එරට ප්‍රමුඛතම සම්මානයක් වන ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔහු ණය අර්බුදයකට ලක්ව සිටි බවය.

මූල්‍ය ආයතනයක් වෙතින් ඔහු ලබාගෙන තිබූ ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න ණය මුදලක් ගෙවා දැමීම සම්බන්ධයෙන් ඔහු 2020 වසරේ සිට පීඩාවට පත්ව සිටි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

GalleryGalleryGallery