නිශ්ශංක සේනාධිපති පිට රටක සිට සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. යළි කරන්න යන දේ මෙන්න.

Sri Lanka Gotabaya Rajapakshe Awendgad Nishshanka senadipathi Swiserland
By Aruna Apr 08, 2022 02:24 AM GMT
Report

රට හැර ගියා කියන සේනාධිපති ස්විට්ස්ර්ලන්තයේ ඉඳන් කියන දේ! තමා විදේශ ගතවූයේ රාජකාරි කටයුතු සඳහා බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසනවා.

ස්විට්ස්ර්ලන්තයේ සිට ජාතික පුවත්පතක් අමතමින් ඔහු සදහන් කර ඇත්තේ, තමන් රටින් පැනගියේ නැති බවත්, එසේ පැන යෑමට තමාට කිසිදු හේතුවක් නැති බවයි.

තමා මේ මොහොතේ ස්විට්සර්ලන්තයේ සිටින්නේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් බවත් තම රාජකාරි කටයුතු පවතින්නේ ජාත්‍යන්තරය සමග බැවින් රැකියාවේ ස්වභාවය අනුව ඕනෑම රටකට යා හැකි බවත් ඔහු සදහන් කරනවා.

රාජකාරි කටයුතු අවසන්වූ පසු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව පවසන ඔහු මෙලෙස ජාත්‍යන්තරය සමග එක්ව රැකියාවක නිරතවන්නේ වසර ගණනාවක සිට බවද සදහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now