නිලූ අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jan 12, 2023 08:19 AM GMT
Report

හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින්, රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි. ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520ක් හා හොරයින් මත්ද්‍රව්‍ය ගෑම් 202ක්, විද්‍යුත් තරාදියක්, බැංකු පොත් තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකාරිය හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. සැකකාරිය පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සැකකාරිය ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දී ඇති බවද පොලීසිය සඳහන් කළේය. සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now