ඉදිරි සති 02 ගැන සෞඛ්‍ය අංශයන් ගෙන් දැනුම් දීමක්..තරුණ අයට රතු එළියක්.

Covid Corona Warning Sri Lanka Healthy
By Aruna Dec 30, 2021 08:09 AM GMT
Report

ඉදිරි සති දෙක තුනක කාලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකළහොත් රට යළි අවදානමකට ලක්විය හැකි බව ප්‍රධාන වසංගත රෝග විදයාඥ සමිත ගිනිගේ පවසයි.

ඊයේ (29 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට රටේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතුවල යම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත්, එය ඉදිරියට පවත්වාගෙන යාමටනම් එන්නත්කරණය සිදු කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

කොවිඩ් තුන්වන මාත්‍රාව ලබා ගැනීමට පිරිස පැමිණීමේ අඩුවක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එම නිසා කඩිනමින් පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට කොවිඩ් ව්‍යාප්තියේ අවධානම පහව ගොස් නොමැති බවත් සියලු දෙනාම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කොවිඩ් ආසාදිතයන්ට ඇති සංකූලතා අඩුවී ඇත්තේ එන්නත ලබාගැනීම නිසා බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

තරුණ පිරිස ද තුන්වන මාත්‍රාව ලබාගැනීමට මැලි කමක් දක්වන බවත් වයස අවුරුදු 20ට වැඩි දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස තුනක් ගත වී ඇති පුද්ගලයින් බූස්ටර් එන්නත ලබාගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now