ලබන 07ත් වෙනිදා අගමැති ධූරයෙන් ඉවත් වීම ගැන දැනුම්දීමක්..
New Zealand
By Aruna
අභියෝගාත්මක වසර 06ක්.. ලබන මාසයේ දී සිය ධුරයෙන් ඉවත් වීමට නවසීලන්ත අගමැති ජෙසින්ඩා ආර්ඩන් තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
අභියෝගාත්මක රාජකාරි සහිත ව වසර හයක කාලයක් ගත වූ බවත් ජෙසින්ඩා ආර්ඩන් මාධ්‍ය වෙත අවධාරණය කර තිබෙනවා.
ඇය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ, මෙම වසර අග දී එරට පැවැත්වෙන මැතිවරණයෙන් තමන් නැවත තේරී පත් වීමට අපේක්ෂා නො කරන බව යි.
ඒ අනුව ජෙසින්ඩා ආර්ඩන් පෙබරවාරි 7 වැනි දා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව යි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |