ඉදිරි කාලය රටට තීරණාත්මකයි.. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේම මැතිවරණයකුත් පවත්වන්න යයි...
අප්‍රේල් මාසයට පෙර ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින බවට ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන බව උදෑසන පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
මෙම තීරණයට එළඹ තිබෙන්නේ රටේ දෑනට පවතින තත්වය සැලකිල්ලට ගනිමින් බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම ඒ අනුව ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඒ අනුව සිදුවනු ඇති බවයි එම ආර්ංචි මාර්ග පෙන්වා දෙන්නේ.
භාණ්ඩ මිල අදික ලෙස ඉහල යාමත් ආණ්ඩු පක්ෂ මණ්ත්‍රීවරුන් 20කට අදික ප්‍රමාණයක් විපක්ෂයට යෑමේ සූදනමක් පිළිබදව බුද්ධි අංශ ජනපතිවරයා වෙත දන්වා ඇති බවත් ඒ අනුව පෙන්වා දෙනවා.
එබැවින් ආණ්ඩුවට බහුතර බලය නැති යන බැවුන් මෙලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
රටේ දැනට පවතින ආර්ථික අර්බුදට හේතුවෙන් විශාල වශයෙන් ව්‍යාකූල දේශපාලන වාතාරණයකුත් ක්‍රියාත්මක වන බවයි මේ අනුව පෙනී යන්නේ.