විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..වැඩි වාසි ඒකක 0ත් 90ත් අතර අයටලු..

Sri Lanka Politician Ceylon Electricity Board Sri Lanka Electricity Prices Public Utilities Commission of Sri Lanka
By Aruna Jan 12, 2024 06:47 AM GMT
Report

ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවයි, එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

මේ අනුව, "විදුලි බිල හරහා දෙන්න පුළුවන් උපරිම සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා.

හැමෝම කතා කරන්නේ ඒකක 0 - 30, 0 - 60 සහ 0- 90 අතර ජනතාව ගැන.

ඉතාමත්ම අඩු මට්ටමේ තමයි ඒ අයගේ ජීවන තත්ත්වය තියෙන්නේ.

අනිවාර්යයෙන්ම මෙහි ප්‍රධාන වාසිය ඒ පරාසය තුළ සිටින අඩු ආදායම් ලබන ජනතාවට ලැබෙයි."

කෙසේ වෙතත් මින් පෙර වාර්තා වූයේ සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකියාව පවතින බවයි.

අප විදුලි බල මණ්ඩල යෙන් කල විමසීමකදී කියා සිටියේ, විදුලි බිල අඩු කරන බවට නිශ්චිතව පැවසිය හැකි මුත් ඒ කුමන ප්‍රමාණයකින් ද යන්න මාධ්‍යට පැවසීමට නොහැකි බවයි.

එම ආයතනයේ ඉහල නිලධාරියෙක් පැවසුවේ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මෙම යෝජනාව ලබාදීමෙන් අනතුරුව විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රධානින් විදුලි බල කෙෂ්ත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලි වෘත්තීය සමිති නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් පෙරේදා (10) විදුලි බල මණ්ඩලයේ පැවැත්විණ.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මේ සදහා පැමිණි පාර්ශ්වයන් යෝජනා කර ඇත්තේ ජනතාවට දැනෙන්න ආකාරයේ විදුලි ගාස්තු අඩුවීමක් අවශ්‍ය බවයි.

Sponlsored By Sarrita Jewellery

විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..වැඩි වාසි ඒකක 0ත් 90ත් අතර අයටලු.. | News About Electricity Bill Reduction