රටම බලාසිටි සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි.

Sri Lanka New year
By Aruna Apr 14, 2022 03:12 AM GMT
Report

සිංහල අලුත් අවුරුදු උදාවට යෙදී ඇත්තේ තවත් මීට සුළු මොහොතකට පෙර උදා වුණා.

ඒ පෙරවරු  08.41 ටය.

අද අලුයම 2.17 ට පුණ්‍ය කාලය උදාවිය.

ආහාර පිසීමේ නැකත පෙරවරු 9.05ට යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප්බැද ගිනි මොලවා දී-කිරි මිශ්‍ර කිරිබතක් ද උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්නා ලෙසයි නැකැත් සීට්ටුවේ සදහන් වේ.

මේ අතර අද පෙරවරු 10.17 ට වැඩ ඇල්ලීම / ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකැත යෙදී ඇත.

හිසතෙල් ගෑමේ නැකත උදාවන්නේ ලබන 17 වනදා උදාසන 7.04 ටය.

එම නැකතට දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුග පත්ද තබා රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය සුදුසු බවයි ජෝතිශ්‍යයෙහි සඳහන් වේ.

මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 18 වන සඳුඳාය.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කොට උදාසන 6.51 ට දකුණු දිසාව බලා පිටත්ව යාම යෝග්‍ය බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now