කොරෝනා වෛරස් ආසාදිතයින් ගැන නවතම අනාවරණයකින් හෙළිවූ දේ

vaccination Covid19 Delta omicron Dr Pradeep
By Sewvandhi Feb 12, 2022 07:12 AM GMT
Report

මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 150 - 200ත් අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුළත් කෙරෙන අතර, සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ, ඒ කිසිවෙකුත් තෙවැනි මාත්‍රාව ලබා නොගත් පිරිස වන බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ පවසනවා.

මෙම රෝගීන්ගෙන් සංකූලතා වැඩි වශයෙන් පෙන්නුම් කරන අතර, මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රොන් හේතුවෙන් හමුවන රෝගීන්ගෙන් 80%ක් පමණ නව වෛරසයට ගොදුරු වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි වෛද්‍ය දිලීප් ප්‍රකාශ කළේ. සෙසු රෝගීන් 20% දෙනා ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූවන් බව ද හෙතෙම සඳහන් කරනවා.

කුමන ප්‍රභේදය සමාජගත වුව ද ඊට කළ හැකි විධිමත් ප්‍රතිකර්මය වන්නේ නිසි අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳ පූර්ණ එන්නත්කරණයට ලක් වීම බව විශේෂඥ වෛද්‍ය දිලීප් වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට දුර්මතයක් ව පවතින කල් ඉකුත් වූ එන්නත් පුද්ගලයින් හට ලබාදීම යන චෝදනාව සෞඛ්‍ය අංශ වශයෙන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර, අතිරික්ත එන්නත් තොගයේ කල් පිරීම ද ලබන වසර තෙක් පවතින බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

පසුගිය සතියක කාලය තුළ මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව පෙරදාට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් මේ වනවිට බොහෝ පිරිසක් පෙරට වඩා උනන්දුවෙන් බූස්ටර් එන්නතට යොමු වන බව දක්නට ලැබීම ද ඉතාමත් වගකීම්සහගත අයුරින් ක්‍රියාකිරීමක් බව වෛද්‍ය දීපාල් අවධාරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now