කොවිඩ් මර්ධනය සදහා තවත් එන්නතකට අනුමැතිය.

srilanka covid 19 Medica
By Sithumi Feb 07, 2022 02:41 PM GMT
Report

කොවිඩ් මර්දනය සඳහා තවත් එන්නතක් සඳහා අනුමැතිය ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර තිබේ. නව එන්නත ස්පුට්නික් ලයිට් ලෙස හඳුන්වයි. කොවිඩ් වෛරසය පාලනය සඳහා අවශ්‍ය වන්නේ එම එන්නතෙහි එක මාත්‍රාවක් පමණක් වීම විශේෂත්වයකි.

මේ දක්වා ඉන්දියාවේ භාවිතය සඳහා කොවිඩ් එන්නත් 9කට අනුමැතිය ලබාදී ඇති අතර ඉන් 3ක් සාදා ඇත්තේ ඉන්දියාවේ දීය. මේ දක්වා එරට කොවිඩ් එන්නත් මාතර බිලියන 1.7ක් පමණ ජනතාවට ලබාදී තිබේ

. එරට කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසුකම් ලබාසිටි ජනතාවගෙන් 76%ක් පමණ මේ වනවිට සම්පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති අතර 99% පමණ මේ දක්වා එක එන්නතක් හෝ ලබාගෙන ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now