තව ටික කාලෙකින් ලෝකෙම හොල්ලන නවතම සමාජ මාධ්‍ය ජාලය මෙන්න.ඔබත් දැන්ම දැනගත්තොත් මීළග බ්ලූ ස්කයි තරුව ඔබයි..

United Kingdom Sri Lanka Social Media Social Media
By Sithumini Aug 14, 2024 04:27 PM GMT
Report


 සමාජ මාධ්‍ය කියන්නේ මේ වන විට ලෝකෙම හොල්ලන දෙයක් බවට පත්වෙලා.

ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් එක්ස් ටික් ටොක් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

 නවමාධ්‍ය අතරින් ඉහළින්ම පසුවන මේ නවතම වෙබ් අඩවියත් පසුගිය දිනවල එක්සත් රාජධානිය තුළ ඉතා වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. 


එය නමින් Blue Sky.

X යි නිර්මාතෘ Elon Musk එක්සත් රාජධානියේ කැරලි ගැන දක්වන මතභේදාත්මක අදහස් හේතුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෙස් ෆිලිප්ස් ඇතුළුව කිහිප දෙනෙක් X සමාජ මාධ්‍ය වේදිකාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබුණා. 

 එම කාරණයත් එරට තුළ මෙම මාධ්‍ය වඩාත් වේගයෙන් පැතිර යන්නට හේතුවූ බව සදහන්. 

එක්සත් රාජධානිය තුළ මෙම බ්ලූ ස්කයි මාධ්‍ය තුළ සාමාන්‍ය ක්‍රියාකාරකම් 60%කින් ඉහළ ගොස් ඇති බව සදහන් එරට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මෙම මාධ්‍ය භාවිතයට යොමුව ඇති බව සදහන්.

ඒ අනුව මෙය ඉතා වේගයෙන් ලෝකයේ පැතිර යන මීළග සමාජ මාධ්‍ය ජාලය වනු ඇති බව මේ සම්බන්ධ විචාරකයන් අදහස් පළ කරන්නේ.