ඔන්ලයින් ණය ජාවාරම්කරුවන් මට්ටු කරන්න රජය කරන්න යන දේ මෙන්න.
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sajith Premadasa
                
                                                
                    Shehan Semasinghe
                
                                                
                    Online business
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී මේ බව අවධාරණය කළේ, ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
    
    හිස් වූ මන්ත්‍රීධූරයට අලුත් මන්ත්‍රී දිවුරුම් දෙයි..අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
එහිදී අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවයි.
එමෙන්ම මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
                
                