මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් භයානක හෙළිදරව්වක්...

suicide women Sri Lankan Iresha samaraweera
By Sewvandhi Jan 16, 2022 09:06 AM GMT
Report

සැමියන් සමග ඇති කරගන්නා ගැටලු හේතුවෙන් කාන්තාවන් සිරුරුට ගිනිතබාගෙන සිය දිවි නසාගැනිමේ ප්‍රවණතාවක් ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක නීතිඥ ඉරේෂා සමරවීර පවසනවා.

අවුරුදු තිහත් හතළිහත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවන් මෙලෙස ගිනිතබාගෙන සිය දිවි නසාගැනීමට පෙලඹී ඇති බවයි ඇය පවසන්නේ. 

සිය සැමියන් සමග ඇති කරගන්නා සුළු ගැටලුවලට පසුව සැමියන් බියගැන්වීමේ අරමුණින් මෙම කාන්තාවන් සිරුරුට ගිනි තබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස සිරුරට ගිනි තබා ගෙන කොළඹ ජාතික රෝහලට පසුගිය වසර තුළ පැමිණි කාන්තාවන් විසිදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර ප්‍රකාශ කළා. 

මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් සුළු සුළු ගැටලුවලදී මෙවැනි භායානක තීරණ ගැනීමෙන් වළකින ලෙසත් ඇය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now