විදේශ රැකියා වලට යන අයට නව ආරක්ෂාවක්.

By Wayomi Jan 14, 2023 05:29 AM GMT
Report

මැදපෙරදිග ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හෙට (15) සිට මෙම නව රක්ෂණාවරණය හඳුන්වා දෙන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය කියා සිටියේ.

විගමණික ශ්‍රමික කාන්තාවන් බඳවාගනු ලබන සේවායෝජකයන් විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යයෙන් ලබාදිය යුතු වන අතර, විදේශ රැකියා සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුයි.

මෙහිදී බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමටද හැකියාව පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW