නව ඔමික්‍රොන් ආසාදිතයන්ගේ තොරතුරු

vaccination Covid19 querantine Omicron new patients
By Sewvandhi Jan 23, 2022 11:53 AM GMT
Report

නව ඔමික්‍රෝන් ආසාදිතයන් 75 දෙනා කොළඹ අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පරකඩුව, වැල්ලම්පිටිය, ගාල්ල, කොළොන්නාව , නුගේගොඩ ගල්කිස්ස යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම ආසාදිතයන් හැත්තෑ පස් දෙනා හඳුනා ගනු ලැබුවේ කොරෝනා ආසාදිතයන් ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල හැත්තෑ අටක් පසුගිය දිනවල පරීක්ෂා කිරීමේදීය මෙම පරීක්ෂණ වලට අදාල වාර්තාව ඊයේ නිකුත් කෙරිණ . 

 පරීක්ෂාවට ලක් කෙරුණු ඉතිරි සාම්පල තුනේ තිබී ඇත්තේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා ප්‍රකාශ කළේය.

මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බව සඳහන් කරන සෞඛ්‍ය අංශ ඔමික්‍රෝන් මෙරට ප්‍රමුඛතම වයිරස ප්‍රභේදයට බවට පත්වෙමින් සිටින බවද අනාවරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now