නව අමාත්‍යාංශයක් ගැසට් කරයි..
Sri Lanka
By krishani
තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මින් පෙර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කර පැවතුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟ මෙම අමාත්‍යාංශ දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන අතර ඊයේ (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණ අමාත්‍යාංශය ලෙස එය ප්‍රකාශයට පත් කර තිබේ.
තාක්ෂණ අමාත්‍යාංශය යටතට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන කිහිපයක් අයත් වේ.