නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ඇරඹේ..!
රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම්දීම මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති මන්දිරයේදීයි.
ඒ අනුව අද (18) පත්වුණු කැබිනට් නව අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය පාලන කටයුතු සඳහා සම්බන්ධ වන විවිධ විෂය පථයන්ට අයත් වන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පත්වීම් ලබනු ඇති.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස් පත් කර තිබෙනවා. වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ, අරුන්දික ප්රනාන්දුයි.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය රෝහන දිසානායක හට හිමි වුණා. ලොහාන් රත්වත්තේට හිමිවූයේ, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.
තාරක බාලසුරිය හට විදේශ කටයුතුත්, සනත් නිශාන්ත හට ජල සම්පාදනත්, ඉන්දික අනුරුද්ධ හට නිවාස රාජ්‍ය අමාත්‍ය ධුරයත් හිමි වුණා.
කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ප්‍රසන්න රණවීර ද මහවැලි රාජ්‍ය ඇමති ලෙස සිරිපාල ගම්ලත් ද, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ලෙස අනුරාධ ජයරත්න ද තේරී පත් වුණා.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස සිසිර ජයකොඩිත්, සංචාරක සහ ධීවර රාජ්‍ය අමාත්‍ය ලෙස ඩී.වී. චානකත්, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ග්‍රාමීය ආර්ථික බෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් තේරී පත් වුණා.
අශෝක ප්‍රියන්ත හට හිමිවූයේ වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය ධුරය වන අතර, වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් තනතුරු ලැබුවා.
සංස්කෘතික හා ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූයේ, ගීතා කුමාරසිංහටයි. ගුණපාල රත්නසේකර හට සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබුවා.
කපිල නුවන් අතුකෝරලට හිමිවූයේ සුළු අපනයන වැවිලි බෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයයි. වෛද්‍ය ගයාෂාන් නවනන්ද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයායි.
සුරේන්ද්‍ර රාඝවන් අධ්‍යාපන සේවා හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව කැබිනට් රාජ්‍ය අමාත්‍ය නාමාවලියේ සටහන් වූවා.
එක් එක් රාජය රාජ්‍ය අමාත්‍යවරයා සහ ධූරය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
