අද සිට සෞඛ්‍ය මාර්ගෝපදේශන වෙනස්වෙයි..අලුත් විදිය මෙන්න.

Covid Corona Sri Lanka Healthy guidelines
By Aruna Mar 01, 2022 04:04 AM GMT
Report

පූර්ණ එන්නත්කරණයට ලක්වී විදේශයන්හී සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් අනුගමනය කෙරුණු ක්‍රමවේදය අද (01) සිට තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එවන් පිරිස් මෙරටට පැමිණීමට පෙර පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවනු ඇත.

කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගීකරණය වන මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හාරි සමරසේකර මහත්මිය මෙලෙස පැවසුවා.

අද (01) සිට විදේශයන් හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියලුදෙනා ගුවන් යානයට හෝ නැවකට පැමිණීමට පෙර සිදුකරන පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

ඇත්තටම වරාය පැත්තෙන් නම් එගොලන්නට පැය 72ක කරන්න අමාරු නිසා එගොල්න්ට අපි කළේ එක්දින පරීක්ෂණයක්.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ටත් එහෙමයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට විදේශයන් හි සිට පැමිණෙන අයට ෆ්‍රී ඩිපාර්චර් ටෙස්ට් එක් කිරීම හෝ ඇන්ටිජන් ටෙස්ට් එකක් කිරීම අවශ්‍ය නැහැ.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට මීට පෙර අපි ඔන් එරයිවල් ටෙස්ට් එක අයින් කරලා තිබුනේ ඒකත් තවදුරටත් බලපැවැත්වෙනවා.

එතකොට පොදුවේ ගත්තාම අපේ රටට එන අවුරුදු 12 හා ඊට වැඩි අයට තමයි අපි පී.සී.ආර්. එකක් ෆ්‍රී ඩිපාර්චර් හරි ආවට පස්සේ ඩේ වන් ටෙස්ට් එකක් හරි කරන්න තිබුණේ.

අවුරුදු 12ට අඩු අයට අපි කොහොමත් කළේ නෑ. එතකොට සමහර කණ්ඩායමක් ඉන්නවා.

සමහර රටවල් එගොලන්ට මීට පෙර රෝගය වැළදිලා තිබෙනවා නම් දෙන්නේ එක එන්නතයි.

එතකොට ඒ අය සියලුදෙනාම අපි ඩේ වන් පැමිණියාට පසු කරන ටෙස්ට් එකෙන් අයින් කරන්න තිබුනේ.

පසුගිය මාස 6 ඇතුළත ඒ, කියන්නේ අන්තිම කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා නම් දින 7කට පෙර සිට පහුගිය මාස 6ක් දක්වා අයට පමණයි එක වැක්සින් එකක් රැගෙන ආවොත් ෆ්‍රී ඩිපාර්චර් ටෙස්ට් එක අයින් කරලා තියෙන්නේ.

හැබැයි එයාලා ඩේවන් එක කරන්නේ නැහැ. පහුගිය මාස 6ට වඩා වෛරසය තිබිච්ච එක්කනෙක් එක වැක්සින් එකක් අරගෙන ආවොත් එගොල්ලන් ෆ්‍රී ඩිපාර්චර් එක අරගෙන එන්න ඕනෙ, එයාලා ඩේවන් පරීක්ෂණය කරන්න අවශ්‍ය නැහැ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery