අද සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න..මංගල උත්සවත් තහනම් වෙයි??.

Covid Sri Lanka Wedding Healthy guidelines
By Aruna Jan 31, 2022 11:59 PM GMT
Report

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, කොවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හේමන්ත හේරත්, “සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන මාර්ගෝපදේශ විටින් විට අපි අලුත් කරනවා.

මේ දක්වා බලාත්මකව තිබුණේ, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛයයි.

මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරලා තියෙනවා.

විශේෂ හේතුවක් මත සමහර විට නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේ දී මේ පෙබරවාරි මාසය පුරාම මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයම බලාත්මක වෙනවා.

ඒ වගේම මේ දක්වා පනවා ඇති සීමාවන් ඇතුළත කටයුතු කරන්න කියලා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

දෙසැම්බර් මස අග භාගයේදී නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගිවිය හැක්කේ අදාළ උත්සව ශාලාවේ පවතින ධාරිතාවෙන් සීයයට 50කට පමණයි.

මිට පෙර නිකුත් කර තිබු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය අමුත්තන් 200ක් ලෙස සදහන් කර තිබුණා.

එමෙන්ම එළිමහනේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයක් සඳහා දෙසිය පනස්දෙනකුට සහභාගි වීමේ හැකියාව පවතින බවයි සඳහන් කර තිබුණේ.

එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා මිට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබු අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ඉවත් කර ඇත.

වසංගත තත්ත්වය හමුවේ නිවසින් බැහැරට යායුතු වන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් බව ද එම මාර්ගෝපදේශවල සඳහන් වෙයි.

එසේම සිනමා ශාලාවලට සියයට හැත්තෑපහක ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකිය.

අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකියාව මිට පෙර නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වල 20 දෙනෙකු ලෙස සටහන්ව තිබු අතර එය නව මාර්ගෝපදේශ අනුව 30 දෙනෙකු දක්වා වැඩි කිරීමට අවසර ලබාදී ඇත.

එමෙන්ම කොවිඩ් නොවන මරණයක් පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුය.

එසේම වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ළඟම ඇති රෝහලෙන් බූස්ටර් එන්නත ලබා ගත හැකි බවත් රට විවෘත කර දෛනික කටයුතු පවත්වාගෙන යාමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ඉදිරියේදි උත්සව සමය එළැඹෙන නිසා දෛනික ක්‍රියකාරකම් සිදුකිරීමේදි කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මේදිනවල විවාහ මංගල උත්සව වලට සහභාගී වන පිරිස වැඩි වීමත්,සෞඛ්‍ය නීති වලට පටහැනිව කටයුතු කිරීමත් නිසා යලිත් මංගල උත්සව කොවිඩ් පොකුරු රටේ විවිධ තැන් වලින් වාර්තා වේ.

මේ හේතුවෙන් යළිත් මංගල උත්සව සහ මහජන ඒකරාශීවීම් සඳහා සීමා පැනවීමේ අවධානමක්ද රට තුළ පැන නැගී ඇත.

කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය මාර්ගෝදේශයන්ට අවනත වෙමින් ඉදිරියේදී කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාල මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery