මංගල උත්සව සම්බන්දයෙන් 2022 ගත් අලුත්ම තීරණය..අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න.

Sri Lanka Wedding New healthy guidelines
By Aruna Jan 01, 2022 01:23 AM GMT
Report

අද (01) දිනයේ සිට ජනවාරි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව ඇති අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

මිට අමතරව ආපනශාලා, වෙළෙඳසැල්, ඖෂධ අලෙවිසැල්, සුපිරි වෙළෙඳසැල් සඳහා වරකට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි ධාරිතාවයෙන් 50% කට පමණයි.

පෞද්ගලික සාදා පැවැත්වීමේදී උත්සව ශාලාවක නම් එහි ධාරිතාවයෙන් 50% ක ප්‍රමාණයකට ද, නිවසක නම් උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට ද අවසර හිමිව ඇති අතර කෙසේ වුවත් එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වනවා.

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් සහ නිවසින් බැහැරව යෑම හැකිතාක් සීමා කිරීමට වගබලා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී අදාළ ප්‍රවාහන මාධ්‍යයන් තුල ආසන සංඛ්‍යාව අනුව මගීන් රැගෙන යාම සිදුකළ යුතුය.

වායු සමීකරණය කරන ලද වාහන මගී ප්‍රවාහනය කිරීමේදී වා කවුළු විවෘත කිරිමට පියවර ගත යුතුය.

එමෙන්ම සියලුම මගීන් මුව ආවරණ පැළඳ සිටිය යුතුයි.

සේවා ස්ථාන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු පවත්වා ගෙන යෑමට අවසර ලබාදී තිබෙනවා.

නැවත දැනුම් දෙන තුරු මහජන ඒකරාශිවීම්, රැස්වීම ආදිය පැවැත්වීම සපුරා තහනම්.

මිට අමතරව නිර්දේශිත සියලුම කාණ්ඩ 100% ක් ආවරණය වන පරිදි කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට කටයුතු කළ යුතු වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery