මංගල උත්සව සඳහා මාර්ගෝපදේශ වල වෙනසක්..(16 සිට 31 දක්වා සිදු කළ දේ මෙන්න)

Covid Sri Lanka New healthy guidelines
By Aruna Dec 16, 2021 03:09 AM GMT
Report

ලබන 31වැනිදා දක්වා අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. මීට පෙර සෞඛ්‍ය අංශ සඳහන් කළේ දෙසැම්බර් 1-15 දක්වා බලපැවැත්වුණු මාර්ගෝපදේශ ඉදිරි සති දෙක සඳහාද දීර්ඝ කරන බවයි.

විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 50% ක ප්‍රමාණයකට අවසර ඇත .

මීට පෙර මත්පැන් ලබාදීමට අවසරයක් නොතිබූ නමුත් මෙවර ඒ ගැන සඳහනක් නැත.

සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇත.

ක්‍රීඩා කටයුතු සිදුකිරිමට අවසර ලබාදී ඇති අතර තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර නැත.

උත්සව අවස්ථා නිවසේදී 10කට සීමා වේ. එලිමහන් සාද තවදුරටත් තහනම් වේ.

ආපනශාලා තුල ආහාර ගැනීමේදී එකවර අසුන් පැනවිය හැකි උපරිම සංඛ්‍යාව 100 දෙනෙකු වන අතර එළිමහන් ස්ථානයක නම් පුද්ගලයින් 150 කට අවසර ලබාදී ඇත.

වෙළෙඳ සැල්, ෆාමසි සහ සුපිරි වෙළෙඳසැල් සඳහා එකවර ඇතුල්විය හැකි සංඛ්‍යාව එහි ඉඩ ප්‍රමාණයෙන් 50% දක්වා ඉහල නංවා ඇත.

කොන්ඩ කපන ස්ථාන සඳහා පැමිණිය හැක්කේ තවදුරටත් පෙර වේලාවන් වෙන් කර ගන්නා පාරිභෝගිකයින්ට පමණයි.

ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, ජංගම වෙළෙඳුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වැඩ කටයුතු පැවැත්වේ.

ආගමික ස්ථාන සඳහා බැතිමතුන් පැමිණීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.

සම්මන්ත්‍රණ ශාලා ආදිය පවත්වාගෙන යාමේදි නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු අතර උපරිම සංඛ්‍යාව 150 කට සීමා විය යුතුය.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පමනක් උපකාරක පංති පැවැත්විය හැකි අතර එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වේ.

කර්මාන්තශාලා ආදිය පවත්වා ගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.

අදාළ සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්…

GalleryGalleryGalleryGallery