රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනයට රජයෙන් නව චක්‍රලේඛයක්.!

Dinesh Gunawardena Government Employee Prime minister Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Aug 31, 2022 10:53 AM GMT
Report

කොරෝනා සමයේ රජය විසින් ක්‍රියාත්මක කළ සහනදායී වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා පැවසීය. රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවකයින් පමණක් සේවා ස්ථානවලට ගෙන්වීම,සේවා මුර ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් ගෙන්වීම, නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, සම්පූර්ණයෙන්ම රාජ්‍ය ආයතන වසා තැබීම මෙන්ම ගර්භනී හා කිරිදෙන මව්වරුන් රාජ්‍ය සේවය සඳහා නොකැඳවීම ආදී ක්‍රමවේදයන් අනුගමනය කළේය. 

 මේ සඳහා වන චක්‍රලේඛ කලින් කල රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ අතර ඒ අනුව රාජ්‍ය සේවය පවත්ගෙන යන ලදී. වර්තමානය වනවිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රජය පියවර ගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමන්‍ය ක්‍රමවේද යටතේ කටයුතු කරගෙන යමින් පවතී.

චක්‍රලේඛය මෙතැනින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW