යතුරුපැදි සහ පාපැදි සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka New Gazette
By Sewvandhi Aug 24, 2022 06:38 PM GMT
Report

විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසරය ලබා දී තිබෙනවා.

ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට යෝජිතයි. මේ අතර ඊයේ සිට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එසේ ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි. අදාළ ආනයන සිදුකිරීමේදී ව්‍යාපෘති වාර්තාවල නිච්චිතව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ, ආනයන අපනයන පාලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් ඇමතිවරයාගේ අවසරය ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වනවා.

.............................................................................

YOU MAY LIKE THIS VIDEO

"ආණ්ඩු සේවය රටට බරක්,කරුමයක්" ජනපතිට සැර කතාවක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW