නිෂ්පාදන සඳහා සහල් හා වී භාවිතා කිරීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
Sri Lanka
Sri Lanka Government Gazette
New Gazette
By Sithumi
සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (24) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී ඍජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම සිදුකළ නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
